Widget Recent Post No.

Header Ads

සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය හා විකාශය - [Communication & Media Studies - A/L]


සන්නිවේදනය අධ්‍යයනය විෂය බිහිවීම සම්බන්ධයෙන් වන ඉතිහාස තොරතුරු මෙම වීඩියෝවෙහි අන්තර්ගත වේ. සන්නිවේදනය යන්න මිනිසාගේ බිහිවීම තෙක් දිවෙන කාරණයක්. මිනිසා සහ සන්නිවේදනය අතර පවතින්නේ අවියෝජනීය සම්බන්ධයක්. ප්‍රාථමික යුගයේ මිනිසුන් අදහස් හුවමාරු කරගැනීම සඳහා භාවිත කළ සරල ක්‍රමවේදයන්ගේ සිට වර්තමානයේ යොදා ගන්නා දියුණු සන්නිවේදන ක්‍රමවේද දක්වා වන තොරතුරු මෙහි ඇතුළත්. සන්නිවේදන අධ්‍යයනය විෂයක් ලෙසින් වර්ධනය වීමට අදාළ සුවිශේෂී සන්ධිස්ථානයන් පිළිබඳ මනා අවබෝධයක් මෙම වීඩියෝ කෙටිසටහන නැරඹීමෙන් ලබා ගත හැකියි. අපොස උසස් පෙළ සඳහා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හදාරන සිසු දරුවන්ට විෂය කරුණු අවබෝධයට මෙය අත්වැලක් වේවි.